
ව්‍යාපාරික
බොරතෙල් මිල ඉහළට – යුද උණුසුමෙන් ලෝක වෙළෙඳපොළ උඩු යටිකුරු වේ
බොරතෙල් මිල මැදපෙරදිග කලාපයේ යළිත් උත්සන්න වී ඇති යුද තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ආතතිකාරී තත්ත්වය ඉන්ධන සැපයුම් දාමයට බාධා ඇතිවිය හැකි බවට පවතින බිය හේතුවෙන් මෙම මිල ඉහළ යාම වාර්තා වී ඇත.
නවතම දත්ත අනුව WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 84.46ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2.39%ක වැඩිවීමකි. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.41ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එහි වැඩිවීම 2.62%ක් ලෙස සටහන් වී තිබේ.
මේ අතර මර්බන් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 81.32ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 4.62%ක වර්ධනයක් ලෙස වාර්තා වී ඇත.
ගෝලීය ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මැදපෙරදිග ගැටුම් තවදුරටත් උත්සන්න වුවහොත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවත් ඉහළ යාමේ අවදානමක් පවතින බවයි.



