ව්‍යාපාරික

බොරතෙල් මිල තවදුරටත් පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට ගොස් ඇති බව නවතම විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

වාර්තාවලට අනුව, OPEC+ සංවිධානය අගෝස්තු මාසය සඳහා බොරතෙල් නිෂ්පාදන ඉලක්ක වැඩි කිරීමට තීරණය කිරීමත් සමඟ ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහත වැටී තිබේ. එම තීරණය ලෝක වෙළෙඳපොළේ තෙල් සැපයුම ඉහළ යාමට බලපා ඇති බවද සඳහන් වේ.

මීට අමතරව, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සාමාන්‍ය පරිදි තෙල් අපනයනය යළි ආරම්භ වීමද සැපයුම ඉහළ යාමට හේතුවක් ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. ඒ අනුව Brent බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 71.78 දක්වා පහළ ගොස් ඇති අතර, WTI බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 68.48ක් ලෙස වාර්තා වී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button