ව්‍යාපාරික

ඩොලරයේ විකුණුම් මිල අද සුළු ලෙස පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව අද (22) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික වාර්තාවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 342.67ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 353.17ක් ලෙසත් සටහන් වී තිබේ.

ඊයේ (21) දිනයේදී 2023 මාර්තු 02න් පසු වාර්තා වූ ඉහළම අගයන් ලෙස රුපියල් 342.63ක ගැනුම් මිලක් සහ රුපියල් 354.03ක විකුණුම් මිලක් වාර්තා වී තිබුණද, අද දිනයේදී විකුණුම් මිලේ සුළු අඩුවීමක් දක්නට ලැබී ඇත.

බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික අනුව ඊයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 354 දක්වා ඉහළ ගොස් තිබූ අතර, අද එය ඇතැම් බැංකුවල රුපියල් 349 මට්ටම දක්වා පහළ බැස ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට බැංකු අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 349 සිට 354 දක්වා පරාසයක පවතින බව ද සඳහන්ය.

අද පෙරවරුවේ ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක් ප්‍රකාශයට පත් කළ ඩොලර් අනුපාතික පහතින් දැක්වේ.

  • ලංකා බැංකුව – රු. 340.75 / රු. 349.75

  • මහජන බැංකුව – රු. 343.95 / රු. 354.24

  • සම්පත් බැංකුව – රු. 343.50 / රු. 352.50

  • කොමර්ෂල් බැංකුව – රු. 343.09 / රු. 354.25

  • HNB – රු. 344.50 / රු. 353.00

  • සෙලාන් බැංකුව – රු. 342.75 / රු. 354.70

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button