
ව්යාපාරික
අද ඩොලරයේ විකුණුම් මිල රු. 340 සීමාව පනී
අද (19) දිනයේදී රාජ්ය බැංකුවක අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 341.68 දක්වා ඉහළ ගොස් තිබේ. එම බැංකුවේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 332.14ක් ලෙස සටහන් වී ඇත.
එමෙන්ම, ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාතික වාර්තාවට අනුව ද අද ඩොලරයේ විකුණුම් මිල රුපියල් 338.0729ක් දක්වා ඉහළ ගොස් රු. 338 සීමාව ද ඉක්මවා තිබේ. ඩොලරයක ගැනුම් මිල රුපියල් 328.2351ක් ලෙස වාර්තා වී ඇත.
ඊයේ (18) දිනයේ මහ බැංකු වාර්තාව අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.74ක් සහ විකුණුම් මිල රුපියල් 334.26ක් ලෙස සටහන් වූ අතර, අද දිනයේ එම අගයන් තවදුරටත් ඉහළ යාමක් පෙන්නුම් කරයි.



