ව්‍යාපාරික

බොරතෙල් මිල $100 ඉක්මවයි: ගෝලීය වෙළඳපොළ නැවත කැලඹේ

බොරතෙල් බැරලයක මිල නැවත වරක් අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මධ්‍යපෙරදිග ආරක්ෂක තත්ත්වයන් උද්ධමනය වීමත් සමඟ මෙම මිල ඉහළ යාම සිදුව ඇති බව සඳහන් වේ.

විශේෂයෙන්ම Donald Trump විසින් ඉරානයේ වරායන් අවහිර කිරීමට නියෝග කිරීමෙන් පසු, ජාත්‍යන්තර බලශක්ති වෙළඳපොළ තුළ අස්ථාවරතාව වැඩි වී තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 7කින් ඉහළ ගොස් ඩොලර් 102ක් දක්වා වර්ධනය වී ඇත.

එසේම, ඩබ්ලිව්.ටී.අයි. (WTI) වර්ගයේ බොරතෙල් මිලද සියයට 8කින් ඉහළ යාමත් සමඟ එය බැරලයකට ඩොලර් 104.50ක් ලෙස සටහන් වී ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් ගෝලීය ආර්ථිකය, විශේෂයෙන් ඉන්ධන ආශ්‍රිත කර්මාන්ත සහ පාරිභෝගික මිල ගණන් ඉදිරියේදී තවදුරටත් බලපෑම්ට ලක්විය හැකි බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button