
ලෝක වෙළඳපොළට සාපේක්ෂව මෙරට රන් මිලත් පහලට
රත්‍රං මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට කරමින්
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලේ සීඝ්‍ර පහළ යෑමත් සමග මෙරට රන් වෙළෙඳපොළ තුළ ද දින තුනක් ඇතුළත සැලකිය යුතු මිල අඩුවීමක් වාර්තා වී තිබේ.
ලැබී ඇති වාර්තා වලට අනූව ( 19 / 20 / 21 ) යන දිනවලදී සමස්තයක් ලෙස මෙරට රන් මිල රුපියල් 29,000කින් පමණ පහළ ගොස් ඇත.
ඒ අනූව බ්‍රහස්පතින්දා ( 19 ) රන්මිල රුපියල් 13,000කින් පහළ ගොස් ඇති අතර, සිකුරාදා
( 20 ) රුපියල් 6,000කින් සහ අද සෙනසුරාදා දින තවත් රුපියල් 10,000කින් අඩුවී තිබේ.
විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ලෝක රත්‍රං මිල ඩොලර් 5,000 සීමාවෙන් පහළට වැටීම මෙයට හේතුව බවයි.
මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක ආර්ථිකයට ඇති බලපෑම් සමග ආයෝජන ක්‍රියාකාරකම් අඩාල වීම සහ තෙල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වීමද රත්‍රං මිල පහළ යාමට බලපා ඇති බව සඳහන් වේ.
තව දුරටත් , විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය තාවකාලික එකක් වන අතර, තෙල් මිල ස්ථාවර වූ පසු රත්‍රං මිල නැවත ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බවය.



