ගොසිප්

සබීනා යූසෆ් දිවයිනට

ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්‍ සහභාගී වී, එහි තුන් වන ස්ථානය මෙන්ම “ජායාකාන්ත” රැජින ලෙස කිරුළ පැලඳි සබීනා යූසෆ් මහත්මිය දිවයිනට පැමිණ තිබේ.

 

41 වැනි වරට පැවති බව සඳහන් මෙම තරගාවලිය අමෙරිකා එක්සත් ජනපදයේදී පවත්වා තිබෙනව. 

 

සබීනා යූසෆ් මහත්මිය කටුනායක ගුවන්තොටුපොළ වෙත  අද (04) අලුයම 02.45ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්- 662 දරන ගුවන් යානයෙන් පැමිණ තිබුණි.

 

රටවල් 60ක තරගකාරීන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් ජනවාරි මස 22 වන දින සිට 29 වන දින දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ ලාස්වේගාස් නුවර පැවැත්වූ තරගාවලියෙන් අනතුරුවය.

 

සබීනා යූසෆ් මහත්මිය පිළිගැනීම සඳහා මෙම තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ, ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button