ව්‍යාපාරික

ඉරාන සාකච්ඡා හමුවේ බොරතෙල් මිල පහළට

බොරතෙල් මිල අද (12) ලෝක වෙළෙඳපොළේ සුළු පහළ යෑමක් පෙන්නුම් කර තිබේ. ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුදමය නොසන්සුන්තාව හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ ඉහළ යමින් තිබූ තෙල් මිල මෙලෙස අඩුවී ඇත.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ (11) උදෑසන වනවිට අමෙරිකානු ඩොලර් 108 සීමාවද ඉක්මවා ගිය නමුත්, අද වනවිට එය ඩොලර් 104.61 දක්වා පහත බැස තිබේ.

එමෙන්ම වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 103.34ක් ලෙස සටහන් වූ අතර, අද එය ඩොලර් 100.05 දක්වා අඩුවී ඇත.

මර්බන් (Murban) වර්ගයේ බොරතෙල් බැරලයක මිලද ඊයේ පැවැති ඩොලර් 122.48 සිට අද වනවිට ඩොලර් 119.46 දක්වා පහත වැටී තිබේ.

දින කිහිපයක් පුරා කලාපයේ පැවති උණුසුම් යුදමය වාතාවරණය මධ්‍යයේ තෙල් මිල පහළ යෑමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඉරානයෙන් ලැබුණු නව සංඥාවකි.

හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉරාන බලධාරීන් පිරිසක් ඕමානය බලා පිටත්ව යන බව ඉරාන රාජ්‍ය මාධ්‍ය අනාවරණය කර තිබේ.

මෙම තීරණාත්මක සාකච්ඡා සඳහා ගල්ෆ් කලාපීය රටවල් කිහිපයක නියෝජිතයන් ද එක්වීමට නියමිත බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button