
ව්‍යාපාරික
බොරතෙල් මිල තවත් ඉහළට
බොරතෙල් මිල තවදුරටත් වේගයෙන් ඉහළ යමින් පවතින අතර, අද (11) උදෑසන වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 108 සීමාවද පසුකර ගොස් තිබේ.
ඉරානය සහ අමෙරිකාව අතර පවතින යුදමය නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න වීම මෙම මිල ඉහළ යාමට බලපා ඇති බව සඳහන් වේ.
පසුගිය 9 වැනිදා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගිය අතර, එතැන් සිට මිල අඛණ්ඩව ඉහළ ගොස් තිබේ. පසුගිය ජූලි 24 වැනිදායින් පසු එම මිල පළමු වරට ඩොලර් 100 සීමාව පසුකරනු ලැබීය.
මේ අතර අමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් බැරලයක මිලද ඩොලර් 103.34ක් දක්වා ඉහළ ගොස් ඇත.
මර්බන් (Murban) වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 122.48ක් ලෙස සටහන් වී තිබේ.



