Business

රත්‍රං මිල පහතට

ලෝක වෙළඳපොළේ රන් මිල පහළ යාමත් සමඟ මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 20,000කට ආසන්න ප්‍රමාණයකින් අඩුවී ඇති බව රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව අද (30) පෙරවරුව වනවිට කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 368,000 දක්වා පහළ බැස තිබේ.

ඊයේ (29) දිනයේදී එම මිල රුපියල් 386,400ක් ලෙස වාර්තා වී තිබුණි.

එමෙන්ම, ඊයේ රුපියල් 420,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිලද අද වනවිට රුපියල් 400,000 දක්වා අඩුවී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button